සංචාරකයින්ගේ පැමිණීම 850,000 ඉක්මවයි

මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් 850,000 අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය සහ ජර්මනිය ඇතුළු රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය පැවසුවේ.

ජනවාරි සහ පෙබරවාරි මාසවල පිළිවෙලින් 277,327ක් සහ 279,328ක් සංචාරකයින් මෙරටට පැමිණ ඇති අතර, එය 2025 වසරට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක්.

මේ අතර සංචාරකයින්ගේ පැමිණීම 2026 මාර්තු මාසයේ දී අඩුවීමක් දක්නට ලැබෙන අතර, එහිදී සංචාරකයින්ගේ පැමිණීම 183,979 දක්වා පහත වැටී තිබෙනවා.

එමෙන්ම ගෙවුණු අප්‍රේල් මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම සටහන්ව ඇත්තේ, 117,893ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted