spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සංක්‍රමණිකයන් රැගත් යාත්‍රා අනතුරකින් 30ක් මරුට

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට ඔබ්බෙන් අනතුරට ලක්වූ සංක්‍රමණිකයන් 227 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බව බලධාරීන් පවසනවා.

ඊයේ අනතුරට ලක්වූ යාත්‍රාවේ ගමන් කළ සංක්‍රමණිකයන් 30කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අත්ලාන්තික් සාගරයේ Lanzarote සහ Gran Canaria දූපත් අසල දී මෙම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව අනතුරට ලක්වී තිබුණා.

බේරා ගත් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි සඳහන්.

කැනරි දූපත් කලාපයේ නායක ඒන්ජල් වික්ටර් ටොරස් මෙම සිද්ධිය ඛේදවාචකයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර සංක්‍රමණ ගැටලුවට සහාය ලබා දෙන සංක්‍රමණ ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන ලෙසටයි යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ.

අප්‍රිකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් වුවද, කැනරි දූපත් ස්පාඤ්ඤයේ කොටසක් වන අතර, බොහෝ සංක්‍රමණිකයන් අප්‍රිකාවේ සිට එම දූපත් සමූහයට ගමන් කරන්නේ යුරෝපයේ ප්‍රධාන භූමියට ළඟා වීමේ අපේක්ෂාවෙන්.

බටහිර අප්‍රිකා-අත්ලාන්තික් සංක්‍රමණ මාර්ගය ලොව මාරාන්තිකම එකක් ලෙස සලකනු ලබන අතර, 2022 දී එම ගමනේදී අවම වශයෙන් සංක්‍රමණිකයන් 543ක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයපවසනවා.

ඔවුන් පවසන්නේ එම කාලසීමාව තුළ අදාළ මාර්ගයේ නැව් සුන්බුන් 45ක් හමුවී ඇති බවයි.

මෙලෙස පැමිණෙන සංක්‍රමණිකයන් බොහෝ දෙනා මොරොක්කෝව, මාලි, සෙනගල්, කෝට් ඩි අයිවෝර් සහ උප සහරා අප්‍රිකාවේ අනෙකුත් ප්‍රදේශවලින් බව එහි සඳහන්.

පසුගිය සතියේ, මිනිසුන් සිය ගණනක් රැගත් සංක්‍රමණික බෝට්ටුවක් ග්‍රීක වෙරළට ඔබ්බෙන් ගිලී ගිය අතර, එහිදී පුද්ගලයන් 78 දෙනෙකු මිය ගොස් ඇති බව අනාවරණ වුණා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ පුද්ගලයන් 500ක් පමණ තවමත් අතුරුදන්ව සිටින බවත්, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ග්‍රීක වෙරළාරක්ෂක බලකායේ වාර්තාව පිළිබඳව සැක පහළ වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?