spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ‍්‍රී ලංකාව අධි උද්ධමනය පාමුල..- ආර්ථික විශේෂඥයෝ කියති

භාණ්ඩ මිල පාලනය කිරීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන අත්හිටුවමින් භාන්ඩ මිල වෙලඳපොළ මත තීරණය වීමට ඉඩ හැරීම නැවත වතාවක් කෘතිමව පාලනය කිරීමට ගියහොත් අධි උද්ධමනයක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

ගැසට් මගින් සිර කරගෙන තිබූ භාණ්ඩ මිල නිදහස් වීම මත ඒවායේ මිල ගණන් වෙළෙඳපොළ මත නිරූපණ වෙමින් ඇති බවත් එම මිල පාලනය කිරීම සඳහා මහ බැංකුව දිගින් දිගටම මුදල් නෝට්ටු මුද්‍රණය කළ මෙම තත්ත්වය ඇති වනු ඇතැයිද ඔහු පැවසීය.

ඇතිවී තිබෙන භාණ්ඩ මිල වැඩිවීමට මහ බැංකුව විසින් මුදල් අච්චු ගසමින් බලයක් සැපයුවහොත් සිදුවන්නේ එක් වරක් පමණක් ඇති වීමට නියමිත භාණ්ඩ මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් නැතහොත් අධි උද්ධමනයක් බවට පත්වීම බවද ඒ මහතා සඳහන් කරයි.

මෙරට භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?