ශ්‍රේණි කිහිපයක් සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට නව චක්‍රලේඛයක්

2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව අනුමත සීමාව තුළ පවත්වා ගනිමින් හා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී පැවති ක්‍රම වේදය විධිමත් කරමින් පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ, උපදෙස් නිකුත් කිරීම පිණිස පසුගිය වසර සැප්තැම්බර් මස 03 දින පැවති අමාක්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දුන්නා

ඒ අනුව, එම වසරේම සැප්තැම්බර් මස 09 දිනැතිව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 27/2025 නිකුත් කරනු ලැබුවා.

එම චක්‍ර ලේඛය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වී ඇති බැවින්, එකී ගැටලුවලට විසඳුම් ලැබෙන පරිදි සහ පෙර චක්‍රලේඛය මඟින් හඳුන්වා දෙනු ලැබ ඇති සංශෝධනයන්ට බලපෑමක් ඇති නොවන අයුරින් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වන පරිදි, පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
7
+1
3
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13