ශ්‍රී ලාංකික මිත්‍රත්වයේ දෑත් ජපානයේ වැසියන්ට දිගු වෙයි (වීඩියෝ)

විපතේදී අනෙකාට පිහිට වීම ශ්‍රී ලාංකිකයන්ට උරුම වූ යහගුණයක්.

විදෙස් රටක ජීවත් වුවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් උපතින්ම ලැබුණු එවන් ගුණ යහපත්කම් ලද ඕනෑම අවස්ථාවක ක්‍රියාවේ යොදවන්නට පැකිලෙන්නේ නැහැ.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද පසුගිය දිනෙක අපූරූ සද් කාර්යයක නිරත වුණා.

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට මේ වසරේ ජනවාරි පළමුවැනිදා උදා වුණේ දරුණු භු කම්පනයක බියකරු අත්දැකීම් සමගයි.

කෙසේ වෙතත් තම නිජබිම අතහැර යෑමට එහි ජනතාව කිසි ලෙසකින්වත් සූදානම් වූයේ නැහැ.

ඒ අනුව, සුන්බුන් වී ගිය සිය නිවෙස් අවටම කඳවුරු බැඳ ගත්තා.

ඉෂිකාවා ප්‍රාන්තයේ වකුරා එලමෙන්ටරි පාසල, නානාඔෂි යඩගෝ, සන්නෝ එලමෙන්ටරි පාසල සහ ජොටාකේරු පන්සල ආශ්‍රය කරගනිමින් මෙම කඳවුරු ඉදිකෙරුණා.

බරපතල ව්‍යසනයකට මුහුණ දුන් ප්‍රදේශයට ඇතුලුවීම සියලු දෙනාට තහනම් වෙද්දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා විසින් කළ ඉල්ලීමක් මත මෙම ප්‍රදේශයට ඇතුල්වීමට ශ්‍රී ලාංකිකයන් පිරිසකට ජපන් රජයේ විශේෂ අවසරයක් හිමි වුණා.

ඒ අනුව, පසුගිය සති අන්තයේ එහි ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් විපතට පත් ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවූවා.

නානාඕ, ෂිජා සහ කනසාවා නගරයන් වෙත ගොස් ඒ ඒ ප්‍රදේශවල පළාත් පාලන ආයතනවල මඟපෙන්වීම යටතේ විපතට පත් ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සලසා දෙමින් ද උණුසුම් ශ්‍රී ලාංකික ආහාර පිළිගන්වමින්ද විපතකදී අත්නොහැරෙන ශ්‍රී ලාංකික මිත්‍රත්වයේ දෑත ඉෂිකාව වැසියන්ට දිගු කෙරුණා.

මෙම ප්‍රාන්ත වාසීන් තම ජීවිකාව සරිකරගත් ඉප්පොන්සුගිමචි වෙළදසැල ද යම්තාක් දුරට යළි ගොඩනගා තිබූ අතර ශ්‍රී ලාංකික පිරිස එහි පැමිණ පීඩාවට පත් පිරිසට උපකාරයක් ලෙස විවිධ භාණ්ඩ ද මිලදී ගත්තා.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පවුර තවත් ශක්තිමත් කර ගැණුනු මෙම වැඩසටහන පිළිබඳ ඉෂිකාවා වැසියන් තුළ වූයේ කෘතඥතා පූර්වක හැඟීමක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39