ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරය ඇමති පවිත්‍රාට(ඡායාරූප)

ශ්‍රී ලංකා – යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය තේරීපත් වී තිබෙනවා.

එම සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති, සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු ශ්‍රී ලංකා – යුරෝපා සංගම් මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරු වශයෙන් තේරී පත්වුණා.

මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ සිටියේ දරිද්‍රතාවය අවම කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ප්‍රාදේශීය සංවර්ධනය, කෘෂිකර්මය, ජලය සම්පාදන සහ සෞඛ්‍ය ඇතුළු පුළුල් ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සඳහා 2014 සිට 2020 දක්වා කාලය තුළ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ප්‍රදානයන් ලබා දී ඇති බවයි.

එසේම කොවිඩ් අර්බුදය තුළ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳව ද කථානායකවරයා සිය ස්තූතිය පළ කළා.

මේ වසරේ මැයි මස මැද භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියාතික රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත පිරිස (DSAS) පිළිගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටින බවද කථානායකවරයා වැඩිදුරටත් පැවසුවා.

SL EU Friendship 20230309 13
SL EU Friendship 20230309 5
SL EU Friendship 20230309 7
SL EU Friendship 20230309 3
SL EU Friendship 20230309 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
4
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?