Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ දින පවත්වනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 10.00 සහ සියයට 11.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මැදි කාලීනව උද්ධමනය අපේක්ෂිත සියයට 5 මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ආර්ථිකය එහි විභව වර්ධන වේගය කරා ළඟා වීමට අනුබල දීමේ අරමුණින්, දේශීය ආර්ථිකයේ අඩු උද්ධමනය සහ යහපත් උද්ධමන අපේක්ෂා ඇතුළු වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබෙනවා.

ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල මෙම අඩු කිරීමත් සමග, මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පොලී අනුපාතික අඩු කිරීම සඳහා නිකුත් කරන ලද නියාමන ක්‍රියාමාර්ග සහ රජයේ සුරැකුම්පත්වල අවදානම් අධි මිල සැලකිය යුතු ලෙස අඩු වීම ඇතුළුව, මින් පෙර ක්‍රියාත්මක වූ සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම් හේතුවෙන්, ඉදිරි කාලයේදී වෙළඳපොළ පොලී අනුපාතිකවල, විශේෂයෙන්ම ණය පොලී අනුපාතිකවල, පහළ යෑම වේගවත් වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අපේක්ෂා කරනවා.

අඛණ්ඩව මුදල් තත්ත්වයන් ලිහිල් කිරීමේ ප‍්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ප‍්‍රමාණවත් ලෙස සහ කඩිනම් ලෙස ලබා දෙන ලෙස මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර, එමඟින් ආර්ථිකය අපේක්ෂිත පරිදි යථා තත්ත්වය පත් වීම සඳහා සහාය වනු ඇති බවයි මහ බැංකුව කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?