ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ දින පවත්වනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මෙම සමාලෝචනයේදී, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 10.00 සහ සියයට 11.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමටයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මැදි කාලීනව උද්ධමනය අපේක්ෂිත සියයට 5 මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ආර්ථිකය එහි විභව වර්ධන වේගය කරා ළඟා වීමට අනුබල දීමේ අරමුණින්, දේශීය ආර්ථිකයේ අඩු උද්ධමනය සහ යහපත් උද්ධමන අපේක්ෂා ඇතුළු වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබෙනවා.

ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල මෙම අඩු කිරීමත් සමග, මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පොලී අනුපාතික අඩු කිරීම සඳහා නිකුත් කරන ලද නියාමන ක්‍රියාමාර්ග සහ රජයේ සුරැකුම්පත්වල අවදානම් අධි මිල සැලකිය යුතු ලෙස අඩු වීම ඇතුළුව, මින් පෙර ක්‍රියාත්මක වූ සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම් හේතුවෙන්, ඉදිරි කාලයේදී වෙළඳපොළ පොලී අනුපාතිකවල, විශේෂයෙන්ම ණය පොලී අනුපාතිකවල, පහළ යෑම වේගවත් වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අපේක්ෂා කරනවා.

අඛණ්ඩව මුදල් තත්ත්වයන් ලිහිල් කිරීමේ ප‍්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ප‍්‍රමාණවත් ලෙස සහ කඩිනම් ලෙස ලබා දෙන ලෙස මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර, එමඟින් ආර්ථිකය අපේක්ෂිත පරිදි යථා තත්ත්වය පත් වීම සඳහා සහාය වනු ඇති බවයි මහ බැංකුව කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34