ශ්‍රී ලංකා නාවික හමුදාව දකුණු මුහුදේ සිදුකල දැවැන්ත මෙහෙයුම

දකුණු මුහුදේ සිදුකල වැටලීමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 06 දෙනෙකු ගමන්ගත් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පැවසුවේ හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් සහ අයිස් වර්ගයේ බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 25 ක් ඒ අතර වන බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව – රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව අද (13) අලුයම මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකාර ධීවරයක් පිරිස සහ යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය දක්වා රැගෙන එමින් පවතින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී අදාළ මත්ද්‍රව්‍ය වර්ග කුමක්ද – සැබෑ බර ප්‍රමාණය සහ වටිනාකම තක්සේරු කළ හැකි බව කපිතාන් ඉන්දික සිල්වා වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්