ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්

නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් හිදී පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිළ මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් පනවා තිබෙනවා.

ඒ, අනුව තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනින් එක් ලකුණක් ද අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝව් විසින් මෙම චෝදනාව ගොනුකර ඇති අතර, පිටියේ විනිසුරුවරුන් වන ෂෝන් හේග් සහ වේන් නයිට්ස්, තුන්වන විනිසුරු ක්‍රිස් බ්‍රවුන් සහ සිව්වැනි විනිසුරු කෝරි බ්ලැක් විසින් එය තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා පිළේ නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් එම චෝදනාවට අදාළ පරීක්ෂණයක් සිදුනොකරන බව අයි.සී.සීය දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?