ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්

නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් හිදී පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිළ මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වාගෙන යෑම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ මුදලක් පනවා තිබෙනවා.

ඒ, අනුව තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනින් එක් ලකුණක් ද අඩු කිරීමට කටයුතු කර තිබෙනවා.

එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝව් විසින් මෙම චෝදනාව ගොනුකර ඇති අතර, පිටියේ විනිසුරුවරුන් වන ෂෝන් හේග් සහ වේන් නයිට්ස්, තුන්වන විනිසුරු ක්‍රිස් බ්‍රවුන් සහ සිව්වැනි විනිසුරු කෝරි බ්ලැක් විසින් එය තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා පිළේ නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් එම චෝදනාවට අදාළ පරීක්ෂණයක් සිදුනොකරන බව අයි.සී.සීය දන්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32