ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා

දේශපාලන, ආර්ථික, වාණිජ, ආරක්ෂක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය එකඟ වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ මෙරට සංචාරයක නිරත පාකිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Hina Rabbani Khar අතර කොළඹදී පැවති හමුවකදී යි මෙම අවබෝධතා ඇතිකරගෙන ඇත්තේ.

දෙපාර්ශවය පුළුල් පරාසයක ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර දෙරට අතර සමීප මිත්‍ර සබඳතා සඳහා ඔවුන්ගේ කැපවීම යළිත් තහවුරු කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාර්ක් ඇතුළු විවිධ ජාත්‍යන්තර සංසදවලදී සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ද දෙපාර්ශවය එකඟ වූ බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?