ශ්‍රී ලංකාව සමඟ ඉදිරි තරග සඳහා එක්වීමට මිචෙල් ස්ටාක් සූදානමින්

ශ්‍රී ලංකාව සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ යම් කොටසක් හෝ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පවසනවා.

මාධ්‍ය හමුවකට එවෙමින් ඔහු සඳහන් කළේ දෙරට අතර ගාල්ලේ දී ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම මේ වනවිය හටගෙන ඇති ඇඟිල්ලේ ආබාධය, බාධාවක් නොවන බවයි.

ඔහු මේ වනවිට බොහෝ දුරටත් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් මේ වනවිට පවත්වා අවසන්.

එම තරග දෙක එක් තරගය බැගින් ජයගෙන දෙපිළම මේ වනවිට සමත් තත්ත්වයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී මිචෙල් ස්ටාක් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට විස්සයි විස්ස තරග දෙකක් සහ එක්දින තරගාවලියේ තරග 02ක් අහිමි වී ගියා.

දෙරට අතර තුන්වන එක්දින තරගය අනිද්දා (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත අතර එම තරගය ඉතිහාසයට එක්වෙන්නේ දෙරට අතර පැවැත්වෙන සියවන එක්දින තරගය ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38