spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව සමඟ ඉදිරි තරග සඳහා එක්වීමට මිචෙල් ස්ටාක් සූදානමින්

ශ්‍රී ලංකාව සමඟ තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ යම් කොටසක් හෝ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පවසනවා.

මාධ්‍ය හමුවකට එවෙමින් ඔහු සඳහන් කළේ දෙරට අතර ගාල්ලේ දී ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම මේ වනවිය හටගෙන ඇති ඇඟිල්ලේ ආබාධය, බාධාවක් නොවන බවයි.

ඔහු මේ වනවිට බොහෝ දුරටත් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් මේ වනවිට පවත්වා අවසන්.

එම තරග දෙක එක් තරගය බැගින් ජයගෙන දෙපිළම මේ වනවිට සමත් තත්ත්වයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ දී මිචෙල් ස්ටාක් ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට විස්සයි විස්ස තරග දෙකක් සහ එක්දින තරගාවලියේ තරග 02ක් අහිමි වී ගියා.

දෙරට අතර තුන්වන එක්දින තරගය අනිද්දා (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත අතර එම තරගය ඉතිහාසයට එක්වෙන්නේ දෙරට අතර පැවැත්වෙන සියවන එක්දින තරගය ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?