ශ්‍රී ලංකාව දෙවන තරගයෙන් ජය ගනී

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතී 02වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.ඒ ලකුණු 26 කින්.Duckworth Lewis න්‍යායට අනුව ශ්‍රී ලංකාවට මෙලෙස ජය හිමිවුණා.තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 47.4 ක් අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 220 ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.ශ්‍රී ලංකා කණ්ඩායමට යළි පිතිකරණයේ නිරත වීමට හැකි වූයේ නැහැ.ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගත් අතර, ධනංජය ද සිල්වා හා දසුන් ශානක ලකුණු 34 බැගින් රැස් කළා.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟය ජය ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 43කදී ලකුණු 216 ක ඉලක්කයක් හිමිවූ නමුත්, ඔවුන්ට පන්දුවාර 37.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.

ඩේවිඩ් වෝනර් ලකුණු 37යි, ස්ටීවන් ස්මිත් ලකුණු 28 යි, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 30ක් රැස් කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 23යි.පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 47කට කඩුලු 3ක් දවා ගත්තා.දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා හා දුනිත් ‍වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53
Video thumbnail
ආදායම් ඉලක්කය හඹා යන්න මීට පෙර කිසිම රජයක් සමත්වෙලා නෑ - පිටින් ණය ගන්නේ නැතුව මෙහෙම කළේ
05:39
Video thumbnail
කඩාගෙන වැටෙන්නේ රටේ ආර්ථිකය ද නැත්තම් රනිල්ගේ ආර්ථිකය ද?
03:17
Video thumbnail
2021න් පස්සේ පළමු කාර්තුවේ වැඩිව වර්ධන වේගය මේක - අර්ථික වර්ධනය ගැන අනිල් ජයන්ත කිව්ව දේ
09:21
Video thumbnail
මොරටුවට ගිය නාමල්ට ජනතාවගෙන් ලැබුණ ආදරය - අපේ ලොක්කා - හරි එළකිරි - ආයේ එන්න සර්
02:48
Video thumbnail
ආණ්ඩුවත් උදව් නොකරපු වෙලාවේ දිලිත් අපිට උදව් කරනවා
03:20
Video thumbnail
ආශුව එජාපයෙන් ඉවත්කරයි..?
01:38
Video thumbnail
වත්තල මුළු ගමක් පාරට බහියි..මාලිමා කැබිනට් ඇමතිත් උද්ඝෝෂණයට එයි..මේක මහ විහිළුවක්
04:53
Video thumbnail
යෝෂිත රාජපක්ෂව උසාවියට රැගෙන ආ හැටි
00:35