ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක් යළිත් සෙළවෙයි

වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවල අද යළිත් සුලු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අද පෙරවරු 11.45ට පමණ මෙම කම්පන තත්ත්වය වාර්තා වූ බවයි.

භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් මාපකයේ ඒකක 3.2ක් ලෙසට සටහන් වී ඇති බවයි.

මෙම තත්වය සම්බන්ධයෙන් ජනතාව කලබලයට පත් නොවිය යුතු බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ.

විනාඩියක පමණ කාලයක් පොළව සෙළවීමත් සමග මොණරුන් ඇතුලු පක්ෂීන් ශබ්ද නගා කෑ ගැසු බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

බුත්තල, වැල්ලවාය සහ මොණරාගල ප්‍රදේශවල ගම්මන රැසකටම භු කම්පනය හොදින් දැනී තිබෙනවා.

භූ කම්පනයත් සමග මෙම ප්‍රදේශවල පාසල් දරුවන් එළිමහනේ ක්‍රීඩා පිටිවලට යවා ඇති අතර තට්ටු ගොඩනැගිලි වල වාසය කරන ජනතාව හා රාජ්‍ය සේවකයින් ආරක්ෂිත ස්ථන වෙත ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම කම්පන තත්වයත් සමග බුත්තල ප්‍රදේශයේ පාසල් රැසක පාසල් දරුවන් නිවෙස් වෙත යවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මොණරාගල ආපදා කළමණකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ එව්.එම් රවීන්ද්‍ර කුමාර මහතා පැවසුවේ භු කම්පනය සම්බන්ධයෙන් පරීක්ෂ සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06