ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත්කර දෙමින් වෝන්-මුරලි කුසලානය කැන්ගරුවන් තමන් සතුකර ගනී

වෝන්-මුරලි කුසලානයේ ශූරතාව දිනාගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (09) සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟයි.

ගාල්ලේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 257ක් රැස් කළා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 85ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස් කළ අතර, මිචෙල් ස්ටාර්ක්, මැතිව් කුහ්නමන් සහ නේතන් ලියොන් ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු තුන බැගින් බිඳ දැමුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 414ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී නායක ස්ටීවන් ස්මිත් සහ ඇලෙක්ස් කේරි ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළේ ශතක රැස්කරමින්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු 05ක් දවා ගත්තා.

අනතුරුව කැන්ගරු පළමු ඉනිමට වඩා ලකුණු 157ක් පිටුපසින් සිටිමින් දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකාවට සියල්ල දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 231ක් පමණයි.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 74ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කළා.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු දවාගැනීමේ දී මැතිව් කුහ්නමන් සහ නේතන් ලියොන් අතරේ කඩුලු 04 බැගින් බෙදී ගියා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සිය දෙවන ඉනිම වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 75ක්.

එම පහසු ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් දෙවන ටෙස්ට් තරගයෙන් දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගත්තා.

ඒ, අනුව තරග දෙකකින් සමන්විත වෝන්- මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ තරග දෙකම ජයගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර වෝන්- මුරලි කුසලානය තමන් සතුකර ගත්තා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ආරම්භක පිතිකරුවෙක් වන දිමුත් කරුණාරත්නගේ අවසන් ටෙස්ට් තරගය ද මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27