ශ්‍රීලනිපයේ සියලුම සංවිධායකවරුන්ට විශේෂ කැඳවීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් අද (10) දිනයේ කොළඹට කැඳවා ඇති බව වාර්තා වනවා.

නිදහස් පක්ෂ සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (10) පස්වරු 2.00ට පැවැත්වෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.

පක්ෂය ඉදිරියට ගෙන යෑම සහ ඉදිරි මාස තුන ඇතුළත පක්ෂය යළි ප්‍රතිසන්ධාන ගත කිරීම යන කරුණු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීරිපාල සිරිසේන විසින් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් අනතුරුව සංවිධායකවරුන් කැඳවූ පළමු අවස්ථාව ද මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51