වෙලේසුදා ගේ ගිනිඅවි නඩුවට කොළඹ මහාධිකරණයෙන් අද දුන් නියෝගය

2006 වර්ෂයේ දී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ටී 56 ගිනිඅවියක් හා රිවෝල්වරයක් සන්තකයේ තබාගැනීමට එරෙහිව සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා දමා තිබු නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 9 වනදා පවත්වන බවට කොළඹ මහාධිකරණය අද (12) දින නියම කළා.

මෙම නඩුව තුවක්කු ආඥා පනත යටතේ ගැනෙන දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට අදාළ අධි චෝදනා දෙකක් යටතේ ගොණු කර තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවුවා. එහිදී බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති ඇතුළු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙසට නියෝග නිකුත් කෙරුණා.

වෙලේ සුදා ට මරණීය දණ්ඩනය නියමවී බන්ධනාගාරගතව සිටියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?