වෙල්යායකින් හමු වූ බිළිඳියගේ මව සොයා විමර්ශන

මාවතගම, පරගහදෙණිය, සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක දමාගොස් සිටිය දී බිළිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇයගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සලසන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කරනවා.

ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, බිළිඳියගේ මව සොයා මේ වනවිට විමර්ශන සිදුකරන බවයි අමාත්‍යවරිය පැවසුවේ.

ප්‍රදේශවාසියෙක් සිදුකළ දැනුම්දීමක් මත මාවතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ බිළිඳිය පෙරේදා (17) දිනයේ සොයාගත්තා.

දින දෙකක් පමණ වයසැති මෙම බිළිඳිය මාවතගම රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළ අතර, අනතුරුව ඇයව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන එම බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06