වෙඩි තබා ඝාතනය කළ වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

වෙඩි තබා ඝාතනය කරන ලද වන අලියකුගේ සිරුරක් ගනේවල්පොල ප්‍රදේශයේ රක්ෂිතයක තිබී වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ගනේවල්පොල වනජීවි අඩවි කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ සෝදිසියක දී හිනුක්කිරියාව, උල්පත රක්ෂිතයේ තිබියදීයි අලියාගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

අඩි 9කට ආසන්න උසකින් යුත් මෙම අලියා වයස අවුරුදු 25ක් පමණ වන සත්වයෙක් වන අතර මීට දින 2කට පමණ ඉහතදී මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි වනජීවි නිලධාරීන් සැක පළ කරනවා.

අද පස්වරුවේ එඋඅ ස්ථානයට පැමිණි අනුරාධපුර පණ්ඩුලගම වනජිවි පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති මෙනවිය ඇතුලු නිලධාරීන් මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.

වෙඩි වැදීමකින් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුව ඇති හානි හේතුවෙන් එම අලියා මරණයට පත්ව ඇති බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.

වන අලියාගේ ඝාතකයා කවුරුන්ද යන්න සොයා ගනේවල්පොල වනජිවි කාර්යාලයේ නිලධාරීන් මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?