වෙඩි තබා ඝාතනය කළ වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි

වෙඩි තබා ඝාතනය කරන ලද වන අලියකුගේ සිරුරක් ගනේවල්පොල ප්‍රදේශයේ රක්ෂිතයක තිබී වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ගනේවල්පොල වනජීවි අඩවි කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ සෝදිසියක දී හිනුක්කිරියාව, උල්පත රක්ෂිතයේ තිබියදීයි අලියාගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

අඩි 9කට ආසන්න උසකින් යුත් මෙම අලියා වයස අවුරුදු 25ක් පමණ වන සත්වයෙක් වන අතර මීට දින 2කට පමණ ඉහතදී මෙලෙස ඝාතනය කරන්නට ඇතැයි වනජීවි නිලධාරීන් සැක පළ කරනවා.

අද පස්වරුවේ එඋඅ ස්ථානයට පැමිණි අනුරාධපුර පණ්ඩුලගම වනජිවි පශු වෛද්‍ය උදේශිකා මධුවන්ති මෙනවිය ඇතුලු නිලධාරීන් මිය ගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.

වෙඩි වැදීමකින් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුව ඇති හානි හේතුවෙන් එම අලියා මරණයට පත්ව ඇති බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.

වන අලියාගේ ඝාතකයා කවුරුන්ද යන්න සොයා ගනේවල්පොල වනජිවි කාර්යාලයේ නිලධාරීන් මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56