spot_imgspot_img
spot_img

විෂ දුමක් ආඝ්‍රාහණය වී දස දෙනෙකු රෝහල්ගත කෙරේ

විෂ දුමක් ආඝ්‍රාහණය වී, හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පුද්ගලයින් දසදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ ඊයේ සවස තලවකැලේ නගරයේ පිහිටි රෙදිපිළි හා විසිතුරු භාණ්ඩ වෙළෙඳසැලක සේවකයින් පිරිසක් හට යි.

මෙම විෂ දුම ආඝ්‍රාහණය වීමෙ කාන්තාවන් 09 දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු තලවකැලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 20-22ත් අතර වයසේ පසුවන්නන් බවයි.

තලවකැලේ නගරයේ ඊයේ දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු ව ඇති අතර, එහිදී වෙළෙඳසැලෙහි විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසු ව මෙම විෂ ධුම අදාළ පුද්ගලයින්ට ආඝ්‍රාහණය වී තිබෙනවා.

මෙම පුද්ගලයින්ට විෂ දුම ආඝ්‍රාහණය වීමෙන් පසුව තද හිසේ කැක්කුමක් සහ වමනය ඇති ව තිබෙන අතර, ඉන් පසුවයි ලිඳුල රෝහලට ඇතුළත් කර ඇත්තේ.

පොලිසිය පැවසුවේ; මෙම රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව නුවරඑළිය රෝහලට මාරුකර යවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?