AFC Banner
AFC Banner
Empty Ad

විෂමාචාර වැඩ කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය අහෝසියි

වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝණය කළ චෝදනාවලට වරදකරු කෙරනු නීතිඥවරයකුගේ, නීතිඥ භාවය ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

1999 වසරේ පෙබරවාරි මස 24 වනදා වෛද්‍ය ලක්ෂ්මන් ලූෂන් ද සිල්වා වීරසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් අඩංගු පැමිණිල්ලකින් පසුව අදාළ නීතිඥවරයාට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ වුණා.

1992 වසරේ පෙබරවාරි මස පස්වන දා සිට 1996 වසරේ අගෝස්තු මස පලවන දා අතර කාල සීමාව බම්බලපිටිය, ලෝරිස් පාරේ පිහිටි සිය දේපළකට අදාල ඔප්පු කටයුතුවලදී වංචනික ආකාරයෙන් කටයුතු කර වෘත්තීය ආචාර ධර්ම කඩ කළ බවට චෝදනා කරමින් පැමිණිලිකාර වෛද්‍යවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා.

ඒ අනුව අදාළ නීතිඥවරයා විසින් “නීතිඥවරුන්ට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ රීති” උල්ලංඝනය කර ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

ඒ අනුව වගඋත්තරකාර නීතිඥවරයාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නම “නීතිඥ නාමලේඛනයෙන්” ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?