විෂමාචාර වැඩ කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය අහෝසියි

වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝණය කළ චෝදනාවලට වරදකරු කෙරනු නීතිඥවරයකුගේ, නීතිඥ භාවය ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

1999 වසරේ පෙබරවාරි මස 24 වනදා වෛද්‍ය ලක්ෂ්මන් ලූෂන් ද සිල්වා වීරසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් අඩංගු පැමිණිල්ලකින් පසුව අදාළ නීතිඥවරයාට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ වුණා.

1992 වසරේ පෙබරවාරි මස පස්වන දා සිට 1996 වසරේ අගෝස්තු මස පලවන දා අතර කාල සීමාව බම්බලපිටිය, ලෝරිස් පාරේ පිහිටි සිය දේපළකට අදාල ඔප්පු කටයුතුවලදී වංචනික ආකාරයෙන් කටයුතු කර වෘත්තීය ආචාර ධර්ම කඩ කළ බවට චෝදනා කරමින් පැමිණිලිකාර වෛද්‍යවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා.

ඒ අනුව අදාළ නීතිඥවරයා විසින් “නීතිඥවරුන්ට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ රීති” උල්ලංඝනය කර ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.

ඒ අනුව වගඋත්තරකාර නීතිඥවරයාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නම “නීතිඥ නාමලේඛනයෙන්” ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48