විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ නියමයක් අහෝසි කරන්න අනුමැතිය

2023 ජූලි 13 දින අංක 2340/45 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ නියමය අහෝසි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

මේ සඳහා අනුමතිය හිමි වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී මෙම නියමය අහෝසි කිරීමට කාරක සභාවේ අනුමතිය හිමි වුව ද බඩඉරිඟු ආනයනය සහ ත්‍රිපෝෂ නිෂ්පාදනය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස අදාළ නිලධාරීන්ට කමිටුව විසින් උපදෙස් ලබාදී තිබෙනවා. එසේම වසර ගණනාවක් තිස්සේ නිෂ්පාදන ඉලක්කයට වඩා අඩු නිෂ්පාදනයක් පවතින බව කමිටුවට නිරීක්ෂණය වන බවයි මෙහිදී පෙන්වා දුන්නේ. ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් ත්‍රිපෝෂ ප්‍රමාණයක් සකස් කිරීමට අවශ්‍ය වෙනස්කම් යෝජනා කිරීම සඳහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය වන සියලුම පාර්ශව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවන බව ද මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

2023 මැයි 17 දින අංක 2332/14 දරන ගැසට් නිවේදනය මගින් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ බරිගු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 සිට රුපියල් 25 දක්වා අඩු කර තිබුණා. මෙම අඩු කිරීම 2023 මැයි මස 18 දින සිට වසරක් වලංගු බව සඳහන් කර තිබූ අතර මෙම නව ගැසට් නිවේදනය මගින් එම කාලසීමාව අවලංගු කිරීම සිදු කර ඇති අතර එම නිසා නැවත බඩ බරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 75 දක්වා වැඩි වීම සිදු වනවා.

මේ අනුව කමිටුව විසින් මේ පිළිබඳ දීර්ඝ වශයෙන් පරීක්ෂා කර බැලීම සිදු වූ අතර කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ එක් ගැසට් පත්‍රයක අඩංගු කරුණු පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කොට තිබියදී තවත් ගැසට් නිවේදනයක් මගින් පූර්ව ගැසට් නිවේදනයේ කරුණු අවලංගු කිරීමට කටයුතු කිරීම ගැටලු සහගත බවයි.

මේ නිසා මේ පිළිබඳ පැමිණි නිලධාරීන්ගෙන් විමසා සිටි අතර මෙය ප්‍රතිපත්තිමය කරුණු මත සිදු වන බව ඔවුන් පෙන්වා දෙනු ලැබුවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගන්නා බවයි ඔවුන් සඳහන් කළේ. එසේම ත්‍රිපෝෂ සැකසීමට අවශ්‍ය බඩ ඉරිඟු ගෙන්වීමට සිටින ආනයනකරුවන් පිළිබඳව ද මන්ත්‍රීවරු මෙහිදී විමසීමක් කළා. මේ අනුව මේ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යංශය මුල්වී කටයුතු කරන බවයි පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29