විශ්ව විද්‍යාලයක් තුළ සිදු වූ අනතුරකින් හිමිනමක් අපවත් වෙයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක් විශ්වවිද්‍යාලය තුළ සිදුවී කිසියම් සැක කටයුතු සිදුවීමකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (03) අපවත් වී තිබෙනවා.

මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ සුමංගල නැමැති 24 හැවිරිදි හිමිනමක් බවයි වාර්තාවන්නේ.

අදාළ හිමිනම පසුගිය 26 දින අලුයම 02.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් විශ්වවිද්‍යාලයට බාහිරින් ගෙන්වාගත් ත්‍රීරෝද රථයකින් හෝමාගම රෝහලට ඇතුළත් කීරීමට උත්සාහය කොට, පසුව එම ත්‍රීරෝද රථයයෙන්ම කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇති බව පැවසෙනවා.

විශ්වවිද්‍යාලයීය පරිපාලනය මේ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් වීමක් සිදුවී නැතැයි ද වාර්තා වේ.

කෙසේ වෙතත් සුසුම්නාවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සැත්කමකට ද භාජනය කර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශිෂ්‍ය හිමිනම ඊයේ (03) අපවත් වී තිබෙනවා.

මෙම මරණය සැක සහිතබවට අපවත් වූ හිමියන්ගේ ගුරු හාමුදුරුවන් සහ මව්පියන් ප්‍රකාශ කොට ඇති අතර, විශ්වවිද්‍යාලය භාරයේ සිටි ශිෂ්‍යයක් මෙලෙස අවාසනාවන්ත ලෙස මිය යාමට විශ්වවිද්‍යාල පරිපාලනයේ වගකීම් විරහිත ක්‍රියාකාරිත්වය හේතු වී ඇති බවටද චෝදනා එල්ල වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28