විශ්‍රාමිකයින්ගේ රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව එන සතියේ සිට

සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙස ද නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබාදීම සඳහා 2024/08/24 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද, ඒ සඳහා මුදල් වෙන් කර තිබුනේ නැහැ.

මේ පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා ඊට අදාළ මුදල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දෙනු ලැබුවා.

රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව 2024 ඔක්තෝම්බර් මස විශ්‍රාම වැටුප සමඟ නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයින් මුහුණ දී ඇති දුෂ්කරතා හා ඒ පිළිබඳ ඔවුන්ගේ ඉල්ලීම සලකා බලමින් පවතින රාජ්‍ය මූල්‍ය දුෂ්කරතා තුළ වුව ද මෙම මස සිටම එම මුදල ලබාදීමට මෙහිදී ජනාධිපතිවරයා පියවර ගැනුණා.

ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන ලෙසත් එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
31
+1
3
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?