Empty Ad
AFC Banner
AFC Banner

විවාහ ලියාපදිංචිවීම්වල වැඩිවීමක්

2020 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී (2021) මෙරට විවාහ ලියාපදිංචියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව 2020 වසරේ දී විවාහ ලියාපදිංචිවීම් 143,061ක් සිදුව ඇති අතර, එය 2021 වසරේ දී ලියාපදිංචිවීම් 162,628 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස ඉහළ ගිය විවාහ ලියාපදිංචිවීම් අතරින් වැඩිම විවාහ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 18,591ක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉන් පසු වැඩිම විවාහ ලියාපදිංචිවීම් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ සිදුව ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 17,300 ක් ලෙසයි.

අඩුම විවාහ ලියාපදිංචිවීම් සංඛ්‍යාවක් පසුගිය වසරේ සිදුව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ වන අතර 899ක් ලෙස එම සංඛ්‍යාව දැක්වෙනවා.

කොව්ඩ් සංචරණ සීමා සහ ලොක්ඩවුන් කිරීම් හේතුවෙන් 2020 වසරේ දී විවාහ ලියාපදිංචිය මෙලෙස තරමක් අඩුව ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරුණිකා ඇඬු කඳුලින් මාධ්‍යට සියල්ල හෙළි කරයි - "මාව මොන විදියට වට්ටන්න හැදුවත් මාව වට්ටන්න බෑ"
24:45
Video thumbnail
බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්වූ ගුරුවරු 14කට වැඩ වරදී
07:01
Video thumbnail
ජනපති අනුරට උපදෙස් ඔයාගෙන් එපා - හොඳට අහන්න මොනවද මේ කියවන්නේ කියලා
04:54
Video thumbnail
මෝදි කිව්ව ඒවට - අනුර ඔළුව වනලා ආවා - සර්වජන බලයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
06:38
Video thumbnail
රිලව් ගම්වැදිලා - ගමක් පාරට බහී - කොහොමද මුන්ගේ ආක්‍රමණය
12:24
Video thumbnail
අනුර පිළිගන්න සැරසෙන චීනය
01:57
Video thumbnail
මුජිබර් - වසන්ත පාර්ලිමේන්තුවේ ගැටෙයි - වැඩ බැරි ටාසන්ලට රට ගැන දුක හිතිලා
13:14
Video thumbnail
හඳුන්නෙත්ති සුජීවව නැත්තටම නැති කරයි - මේක ඇහුවේ නැත්නම් වැඩකුත් නෑ
11:56
Video thumbnail
Breaking News🛑ජනපතිගේ උපදෙස් පරිදි වාහන සිහිනය සැබෑ කරගන්න ඔන්න අද සිට වරම්
07:31
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව 2024.12.18
05:17:45

?