විනය භාර ආචාර්යවරයාට පහරදුන් සිසුන්ට ඇප

පුත්තලම ප්‍රදේශයේ පාසලක විනය භාර ආචාර්යවරයාට පහරදීමෙි සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබෙනවා.

පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත නිදහස් කිරීමටයි.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාග අවසන් වූ පසු සෑම ඉරිදා දිනකම පෙරවරු 8ත් දහවල් 12ත් අතර කාලය තුළ පුත්තලම පොලිස් ස්ථානයට ගොස් අත්සන් කරන ලෙසට ද විනිසුරුවරයා සිසුන්ට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව කුමන හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ද සිසුන්ට දැනුම්දී තිබෙනවා.

සැකකාර සිසුන් පසුගිය පසුගිය 23 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා පාසලට පැමිණි අවස්ථාවේ කොණ්ඩය සහ රුවුල කපා නිල ඇඳුමෙන් පැමිණෙන ලෙසටයි විනය භාර ආචාර්යවරයා දන්වා තිබුණේ.

පසුව එලෙස පාසලට පැමිණි සිසුන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන විනය භාර ගුරුවරයාට මරණීය තර්ජන එල්ල කර පාසලෙන් පිටව ගොස් තිබෙනවා.

29 හැවිරිදි ගුරුවරයා පාසලේ රාජකාරි නිමවී නිවසට පැමිණි අවස්ථාවේදී සිසුන් නිවසට පැමිණ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව ඇති වූ බහින් බස් වීමකින් පසු සිසුන් ගුරුවරයාට පහර දී තිබෙනවා.

පසුගිය 24 වනදා පුත්තලම පොලිසිය විසින් සැකකාර සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි අධිකරණය නියෝග කර තිබුණේ.

එමෙන්ම මෙම පහරදීමේ සිද්ධියට අදාළව ඊයේ දිනයේ තවත් සිසුන් 17 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

රිමාන්ඩ් භාරයේ සිටි සිසුන් 4 දෙනා මෙන්ම ඊයේ අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 17 දෙනා අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා.

සිද්ධියට අදාළ නඩු විභාගය ලබන ජුනි මස 22 වනදා යළි කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
13
+1
4
+1
5
+1
2
+1
7
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?