විනය භාර ආචාර්යවරයාට පහරදුන් සිසුන්ට ඇප

පුත්තලම ප්‍රදේශයේ පාසලක විනය භාර ආචාර්යවරයාට පහරදීමෙි සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කර තිබෙනවා.

පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත නිදහස් කිරීමටයි.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාග අවසන් වූ පසු සෑම ඉරිදා දිනකම පෙරවරු 8ත් දහවල් 12ත් අතර කාලය තුළ පුත්තලම පොලිස් ස්ථානයට ගොස් අත්සන් කරන ලෙසට ද විනිසුරුවරයා සිසුන්ට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව කුමන හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශවයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට ද සිසුන්ට දැනුම්දී තිබෙනවා.

සැකකාර සිසුන් පසුගිය පසුගිය 23 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා පාසලට පැමිණි අවස්ථාවේ කොණ්ඩය සහ රුවුල කපා නිල ඇඳුමෙන් පැමිණෙන ලෙසටයි විනය භාර ආචාර්යවරයා දන්වා තිබුණේ.

පසුව එලෙස පාසලට පැමිණි සිසුන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන විනය භාර ගුරුවරයාට මරණීය තර්ජන එල්ල කර පාසලෙන් පිටව ගොස් තිබෙනවා.

29 හැවිරිදි ගුරුවරයා පාසලේ රාජකාරි නිමවී නිවසට පැමිණි අවස්ථාවේදී සිසුන් නිවසට පැමිණ ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව ඇති වූ බහින් බස් වීමකින් පසු සිසුන් ගුරුවරයාට පහර දී තිබෙනවා.

පසුගිය 24 වනදා පුත්තලම පොලිසිය විසින් සැකකාර සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි අධිකරණය නියෝග කර තිබුණේ.

එමෙන්ම මෙම පහරදීමේ සිද්ධියට අදාළව ඊයේ දිනයේ තවත් සිසුන් 17 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

රිමාන්ඩ් භාරයේ සිටි සිසුන් 4 දෙනා මෙන්ම ඊයේ අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් 17 දෙනා අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා.

සිද්ධියට අදාළ නඩු විභාගය ලබන ජුනි මස 22 වනදා යළි කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55