AFC Banner
Empty Ad
Empty Ad

විදේශ ගතව සිටිමින් අපරාධ ජාලය මෙහෙයවන පැට්ටා⁣ මංජුගේ ගෝලයන් දෙදෙනා අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇල පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සදහා පැමිණ තවත් පාර්ශවයකට මත්ද්‍රව්‍ය ලබා දීම සදහා සූදානාම්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේ දී එක් පුද්ගලයෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලද අතර මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා කරෙහි එල්ලාගෙන සිටි ගමන් බෑගය පරීක්ෂා කිරීමේ දී ඒ තුල තිබී විද්‍යුත් තරාදියක් හා මි.මී. 09 (9X9 mm) වර්ගයේ ජීව උණ්ඩ 250 ක් සහිත උණ්ඩ ඇසුරුම් පෙට්ටි 05ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

තවද වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් විසින් පවත්වාගෙන යනු ලැබූ ආයතනයක තෙවන හා සිව්වන මහල සෝදිසියට ලක් කිරීමේ දී එහි කාර්යාලයක් තුල සගවා තිබී අත්අඩංගුවට ගන්නා ලද එක් සැකකරුවකුගේ ඡායාරූපය යොදා සකස් කර ඇති ව්‍යාජ හැදුනුම්පත් 03ක්, ව්‍යාජ ලෙස සකස් කර ඇති රාජ්‍ය හා පුද්ගලික අංශයේ රබර් නිළ මුද්‍රා සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන හේමන්ත හෙවත් පැට්ටා මංජු යන අයගේ සමීපතමයන් බවත් මොහුගේ මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයන් බවත් අනාවරණය කර ගෙන තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනා පොළොන්නරුව සහ ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 වන පුද්ගලයන් වන අතර අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41

?