විදෙස් කතට පහර දී දූරකථනය සොරාගත් නොසණ්ඩාලයෝ සිපිරිගෙට(වීඩියෝ හා ඡායාරූප)

උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරන අතරතුර සිය ජංගම දූරකථනයෙන් අවර සුන්දරත්වය වීඩියෝගත
කරමින් ගිය විදේශික කතකට අමානුෂික අන්දමින් පහර දී ඇයගේ ජංගම දූරකථනය පැහැරගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (04) දින ධාවනය වූ උඩරට මැණිකේ දුම් රියේ දී මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට බවයි.

ඇයට සැකකරුවන් විසින් පොල්ලකින් පහර දෙනු ලැබුවා.

කෙසේවෙතත් සැකකරුවන් ව වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ඔවුන්ව එළඹෙන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් රොසැල්ල සහ විග්ටන් වතුයායේ පදිංචි 23-26 වයස් කාණ්ඩයේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

ස්පාඤ්ඤ ජාතික ඇල්පා මාරියා 36 හැවිරිදි කාන්තාව සතු ජංගම දූරකථනය රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා බවත් හෙළිව තිබෙනවා.

පහරදීමෙන් ඇයගේ හිසට ද තුවාල සිදු වී ඇති අතර සිදුවීම ගැන ඇය විසින් ඇල්ල සංචාරක පොලිසියට ද පැමිණිලි කරනු ලැබුවා.

හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වෙත දුම්රිය මාර්ගයේ සංචාරක මුරකරු විසින් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් පසු දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ක්ෂණිකව වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා වෙත සිදුවීම සම්බන්ධයෙන් දැනුම්දෙනු ලැබූ බවයි පැවසෙන්නේ.

දින ගණනාවක් ගතවීමට පෙර සංචාරක කාන්තාවගේ කොල්ලකෑ ජංගම දූරකථනය ද ඇය භාරයට පත් කිරීමට හැටන් පොලිසිය සහ හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් කටයුතු කළා.

කෙසේවෙතත් සොයා ගැනුණු ජංගම දූරකථනය ස්පාඤ්ඤ ජාතික කාන්තාවට අද පෙරවරුවේ දී වටවල පොලිසිය විසින් පොලිස් ස්ථානයට ගෙන්වා යළිත් පිරිනමනු ලැබුවා.

ඇය ඉන්පසුව මාධ්‍යයට සඳහන් කර ඇත්තේ; ” මගේ රටේවත් මෙච්චර ඉක්මනට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ කරපු සේවයට ශ්‍රී ලංකා පොලිසියට වගේම දුම්රිය දෙපාර්තමේන්තුවටත් ස්තුතියි..” යනුවෙන් ඇය පැවසුවා.

ඉන් අනතුරුව ඇය නැවතත් උඩවල සංචාරය සඳහා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

2 1
3 1
4
5
1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24