Empty Ad
AFC Banner
AFC Banner

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිමෙන් ඉල්ලීමක්

නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

ඒ, අනුව ලබන ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට එමඟින් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

මෙම වසර තුළ ගිගාවොට් පැය 4,500ක ජල විදුලි ධාරිතාවක් අපේක්ෂා කළ ද නිෂ්පාදනය කිරීමට හැකිවූයේ ගිගාවොට් පැය 3,750ක් පමණක් බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

ඒ, හේතුවෙන් ගිගාවොට් පැය 750ක් තාප බලාගාරවලින් අතිරේකව ලබාගැනීමට සිදුවූ බව එම මණ්ඩලය පවසනවා.

එලෙස සිදුකළ විදුලිය ලබාගැනීම් වෙනුවෙන් දැරීමට සිදුවූ අතිරේක පිරිවැය ආවරණය කර ගැනීම සඳහා මෙම ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම වෙත සිදුකර තිබෙනවා.

මේ අතර ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් (LECO) සමාගමේ විදුලි බිලට මේ මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලබන සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම රුවන් මාපලගම සහ ශ්‍රීලපොපෙ හිටපු පා.ම සංජීව එදිරිමාන්න සහභාගිවන කස්තිරම
00:00
Video thumbnail
ජනාධිපතිතුමන්ගේ ඉන්දිය නිල සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව
59:11
Video thumbnail
දේශපාලන වෛරයක් ගොඩනැගුවානේ - සංජීව එදිරිමාන්න ආණ්ඩුවට රිදෙන්නම දෙසයි
04:33
Video thumbnail
ආණ්ඩුවට කැපිලි පිට කැපිලි - අද ලුණුත් නෑ , හාලුත් නෑ, පොලුත් නෑ
03:13
Video thumbnail
හිසට සෙවණක් සොයන අපේම දරුවෝ - සංවේදී දර්ශන සහිතයි
15:38
Video thumbnail
මාලිමාවට ජනතා අප්‍රසාදයක් තියෙයි
09:24
Video thumbnail
අපි කොහෙද බය - කවදද බයවෙලා තියෙන්නේ
02:28
Video thumbnail
හැම රටක් එක්කම ගණුදෙණු කරන්න ලෑස්තීයි - ජනපතිගේ සුපිරි සැලසුම් අහලම බලන්න
07:55
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක මල්වතු මහා විහාරයට ගොස් ආශිර්වාද ලබාගත් අයුරු
03:35
Video thumbnail
නාමල් සතුටින් - පොහොට්ටුව අලුත් වෙයි - තනතුරු කිහිපයක් මාරුවෙයි
05:23

?