පොහොට්ටුවේ ජාතික කැඳවුම්කරු තනතුර චානකට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී අද (20) රැස් වූ අවස්ථාවේ දී මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.