spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිමෙන් ඉල්ලීමක්

නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට අවසර දෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

ඒ, අනුව ලබන ජනවාරි මාසයේ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට එමඟින් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.

මෙම වසර තුළ ගිගාවොට් පැය 4,500ක ජල විදුලි ධාරිතාවක් අපේක්ෂා කළ ද නිෂ්පාදනය කිරීමට හැකිවූයේ ගිගාවොට් පැය 3,750ක් පමණක් බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

ඒ, හේතුවෙන් ගිගාවොට් පැය 750ක් තාප බලාගාරවලින් අතිරේකව ලබාගැනීමට සිදුවූ බව එම මණ්ඩලය පවසනවා.

එලෙස සිදුකළ විදුලිය ලබාගැනීම් වෙනුවෙන් දැරීමට සිදුවූ අතිරේක පිරිවැය ආවරණය කර ගැනීම සඳහා මෙම ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම වෙත සිදුකර තිබෙනවා.

මේ අතර ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් (LECO) සමාගමේ විදුලි බිලට මේ මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ලබන සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?