විදුලි කප්පාදුවකට යාමට අවශ්‍යතාවයක් නැහැ – ඛනිජ තෙල් සභාපති (වීඩියෝ)

ඉන්ධන සැපයුමේ බාධාවක් නොමැති වීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යාමට අවශ්‍යතාවයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවක දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

විදුලි සැපයුම පමණක් නොව ඉන්ධන සැපයුමද අඛණ්ඩව සැපයීමේ රජයේ අරමුණ බවයි මෙම විශේෂ මාධ්‍ය හමුවට එක්ව සිටි රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.

මිල ගණන් ඉහළ ගියත් අඛණ්ඩ සැපයුම රජයේ බලාපොරොත්තුව බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted