ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (22) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද සඳහන්.
