spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩි වන ගෑස් මිල ගැන අද අවසන් තීන්දුවක්

ගෑස් මිල ඉහළ දැමිය යුතු මුදල සම්බන්ධයෙන් මෙරට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙක මේ වනවිට වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. 

කෙසේවෙතත් ගෑස් ඉහළ දමන මුදල සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයකට එළඹෙන බව නෙත් නිවුස් කළ විමසීමකදී එම සමාගම් පැවසුවා. 

ඒ අනුව ඉදිරියේදී වැඩි කළ මිල ගනන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බවයි එම සමාගම් පැවසුවේ. 

කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති සදහා පනවා ඇති පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් ඉකුත් 8 වනදා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් නිකුත් කළා. 

ඒ අනුව ගෑස් මිල වැඩි කරන මුදල සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට තීරණය කිරීමට හැකියාව පවතිනවා. කෙසේවෙතත් පාරිභෝගිකයන්ට අසාධාරණයක් වන අයුරින් ගෑස් මිල ඉහළ නොදමන ඇති. 

ලෝක වෙළදපොලේ ඉකුත් සමයේ අවස්ථා ගණනාවකදී ගෑස් මිල ගණන් ඉහළ ගියද තමන් පාඩු ලබමින් ජනතාව ගෑස් ලබාදුන් බවද එම සමාගම් වැඩිදුරටත් සදහන් කළා.  

මේ අතර ආනයනික කිරිපිටි මිල ගණන්ද ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ තීරණය කළා. 

ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල වන්නේ 1,195 ක්. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480 ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?