වැඩි වන ගෑස් මිල ගැන අද අවසන් තීන්දුවක්

ගෑස් මිල ඉහළ දැමිය යුතු මුදල සම්බන්ධයෙන් මෙරට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙක මේ වනවිට වෙන වෙනම සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. 

කෙසේවෙතත් ගෑස් ඉහළ දමන මුදල සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයකට එළඹෙන බව නෙත් නිවුස් කළ විමසීමකදී එම සමාගම් පැවසුවා. 

ඒ අනුව ඉදිරියේදී වැඩි කළ මිල ගනන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බවයි එම සමාගම් පැවසුවේ. 

කිරිපිටි, තිරිගු පිටි, ගෑස් සහ සිමෙන්ති සදහා පනවා ඇති පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් ඉකුත් 8 වනදා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් නිකුත් කළා. 

ඒ අනුව ගෑස් මිල වැඩි කරන මුදල සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට තීරණය කිරීමට හැකියාව පවතිනවා. කෙසේවෙතත් පාරිභෝගිකයන්ට අසාධාරණයක් වන අයුරින් ගෑස් මිල ඉහළ නොදමන ඇති. 

ලෝක වෙළදපොලේ ඉකුත් සමයේ අවස්ථා ගණනාවකදී ගෑස් මිල ගණන් ඉහළ ගියද තමන් පාඩු ලබමින් ජනතාව ගෑස් ලබාදුන් බවද එම සමාගම් වැඩිදුරටත් සදහන් කළා.  

මේ අතර ආනයනික කිරිපිටි මිල ගණන්ද ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ තීරණය කළා. 

ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල වන්නේ 1,195 ක්. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480 ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09