කොළඹ නගරයේ පළමු වැඩිහිටි දිවා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානය අද (29) විවෘත කෙරුණා.
ඒ, කිරුළපන, නාගස්වත්තේදී යි.
පසුගිය වසරේ කොළඹ මහ නගර සභාවේ අයවැයට මෙම වැඩසටහන ඇතුළත් කර සම්මත කෙරුණා.
මෙම මධ්‍යස්ථානය හරහා යෝගා, විනෝදාත්මක ක්‍රීඩා, මතකය සහ සිතුවිලි වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම්, සංගීත සහ නර්තන ඇතුළු විවිධ ක්‍රියාකාරකම් වැඩිහිටියන් සඳහා ලබාදීමට නියමිතයි.
ආරම්භයේදී නාගස්වත්ත ප්‍රදේශයේ තෝරාගත් වැඩිහිටි පිරිසක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.













