spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන රක්ෂණ වාරිකත් වෙනස් වෙයි

රථ වාහන රක්ෂණ මුදල ඉහළ යාම හමුවේ වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

වාහනවල වෙළඳ වටිනාකම සීග්‍රයෙන් ඉහළ යමින් පැවතීම නිසා මෙලෙස රක්ෂණ මුදල් ඉහළ යමින් පවතින බව සඳහන්.

මෙය දැඩි බරපතළ අර්බුදකාරී තත්ත්වයක් බවට විවිධ පාර්ශව වලින් මුදල් අමාත්‍යංශයට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව පැවසෙනවා.

කෙසේ වෙතත් රක්ෂණ සමාගම් පසුගිය කාලය තුළ අධික ලාභයක් ලබා ඇති බව ද පුවත් වාර්තා පෙන්වා දෙනවා.

ඒ, දිගු කාලයක් රට තුළ සංචරණ සීමා සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග යි.

එම කාල වකවානුව තුළ රථවාහන ගමනාගමනය සිදු වූයේ ඉතා සීමිත ලෙස බැවින් රථවාහන අනතුරු ද ඉතා අඩු මට්ටමක පැවැතීම මත රක්ෂණ සමාගම් එලෙස අධික ලාභයක් උපයා ඇති බව සඳහන්.

එම සමාගම් මෙලෙස අධික ලාභ ලබා ඇති පසුබිමක රක්ෂණ වාරික අඩු කිරීමට හැකියාව පවතින බවත්, එබැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් පාර්ශව ගණනාවක් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීම් සිදු කොට ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?