වාහන රක්ෂණ වාරිකත් වෙනස් වෙයි

රථ වාහන රක්ෂණ මුදල ඉහළ යාම හමුවේ වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

වාහනවල වෙළඳ වටිනාකම සීග්‍රයෙන් ඉහළ යමින් පැවතීම නිසා මෙලෙස රක්ෂණ මුදල් ඉහළ යමින් පවතින බව සඳහන්.

මෙය දැඩි බරපතළ අර්බුදකාරී තත්ත්වයක් බවට විවිධ පාර්ශව වලින් මුදල් අමාත්‍යංශයට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව පැවසෙනවා.

කෙසේ වෙතත් රක්ෂණ සමාගම් පසුගිය කාලය තුළ අධික ලාභයක් ලබා ඇති බව ද පුවත් වාර්තා පෙන්වා දෙනවා.

ඒ, දිගු කාලයක් රට තුළ සංචරණ සීමා සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග යි.

එම කාල වකවානුව තුළ රථවාහන ගමනාගමනය සිදු වූයේ ඉතා සීමිත ලෙස බැවින් රථවාහන අනතුරු ද ඉතා අඩු මට්ටමක පැවැතීම මත රක්ෂණ සමාගම් එලෙස අධික ලාභයක් උපයා ඇති බව සඳහන්.

එම සමාගම් මෙලෙස අධික ලාභ ලබා ඇති පසුබිමක රක්ෂණ වාරික අඩු කිරීමට හැකියාව පවතින බවත්, එබැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටත් පාර්ශව ගණනාවක් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීම් සිදු කොට ඇති බව පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00