වහාම ඉල්ලා අස්වන්නැයි ක්‍රිකට් බලධාරීන්ට ක්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑතකාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුව වගකීම භාර ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මෙම පරාජයන් සම්බන්ධයෙන් වගකීම ක්‍රීඩකයන්ට වඩා නිලධාරීන් සතු බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ.

දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ ක්‍රිකට් තේරීම් කමිටුව යන දෙකම තම තනතුරුවලින් ඉවත් විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

සිය ලිපිය මගින් අමාත්‍යවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු ක්‍රීඩකයෙකු අධෛර්යමත් නොකර ඔවුන්ට සහයෝගය ලබාදෙන ලෙසටයි.

මෙම පරාජයන්වල වගකීම කිසිදු ක්‍රීඩකයෙකුට පැවරිය නොහැකි අතර එහි වගකීම වසර 4ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත් අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාරගත යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ක්‍රීඩකයින්ගේ දක්ෂතා මත රටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දිගින් දිගටම අවභාවිතය සිදු කරනු ලබන්නේ ක්‍රීඩකයින්ට අවශ්‍ය මූලික පහසුකම් හෝ ලබා නොදෙමින් බව ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන් අනෙක් සෑම රටක්ම පාහේ ක්‍රීඩාව ෂ ඳහා අති නවින තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රම මෙන්ම මෙවලම් භාවිත කළ ද මෙරට එය සිදු නොවීම මත ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධයන්ට ලක්වීම හේතුවක් බවයි ඔහු සඳහන් කළේ.

වර්ෂා දිනවලදී පුහුණු කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගෘහස්ථ ක්‍රීඩාගාරයක් හෝ නොමැති බව රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළා.

ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවයට හා පුහුණු අංගයන් අතර අත්‍යවශ්‍ය අංගයන් වන පිහිණුම් තටාකයක් ද මේවන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිවී නොමැති බවට අමාත්‍යවරයා චෝදනා කරනවා.

මීට පෙර 2018 සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව නැවත තහවුරු කරන ලද අතර, එම ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඕස්ට්‍රේලියානු T20 ලෝක කුසලාන තරගාවලි සංචාරයේ දී සිදු වූ දූෂණය ද, LPL තරගාවලියෙන් කිසිදු මුදලක් රටට නොලැබී අත යට සිදුවූ ගණුදෙනු පිළිබව ද සියලු දෙනා දන්නා කරුණක් බව ඔහුගේ ලිපියේ සඳහන්.

ලෝක කුසලාන තරගාවලිය වැනි පොදු අභිලාෂයන් පසෙකට විසිකර, එම තරගාවලිය පේන මානයේ තිබිය දී LPL තරග කිරීම ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටුවට, උපදේශකවරුන් හා තේරීම් කමිටුවට නොපෙනීම සැබවින්ම ගැටළු සහගත බවට චෝදනා කරන අමාත්‍යවරයා, උපදේශක කමිටුව හා තාක්ෂණික කමිටුව LPL තරගාවලිය පැවැත්වීම සදහා එකඟ වූයේ කෙසේදැයි ප්‍රශ්ණ කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරගාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංගට ලෝක කුසලාන තරගාවලියම අහිමිවීම, අනෙක් දඟ පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ, වේග පන්දු යවන දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, ලහිරු කුමාර වැනි දක්ෂ ක්‍රීඩකයින් ආබාධයට ලක් වීම ලෝක කුසලාන තරගාවලියකට කණ්ඩායමක් ලෙස තරග කිරීමට සුදුසු තත්ත්වයක් නොමැතිවීම මෙවැනි තරගාවලි පරාජයන්ට සෘජුව බලපෑ බව ඔහු අනාවරණය කර තිබෙනවා.

තවද පුද්ගලික පලිගැනීම් සහ නොසලකා හැරීම් මත, රට දෙවෙනි කර ඇංජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ හා පලපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලු නොකිරීම ද මෙම පරාජයන්ට තවත් හේතුවක් බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක් තුළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තම ක්‍රිකට් ආයතනයෙන් තෝරා යැවූ ක්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන් පාකිස්තානු ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානීන් ඉල්ලා අස්වීම වගකීම් භාරගැනීම් සබැඳිව කදිම උදාහරණයක් බව ඔහු ප්‍රකාශ කළා.

ලෝක ශූරතාවයන් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට ඇද දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන්ට තව දුරටත් බලයේ රැදී සිටිමට සදාචාරාත්මක අයිතියක් ඇති දැයි ප්‍රශ්ණ කෙරෙන අතර, තරගාවලි පරාජයේ වගකීම භාරගෙන ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බව අමාත්‍යවරයාගේ ස්ථාවරයයි.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙම දූෂිත ක්‍රිකට් විධායක කමිටුව හා තේරීම් කමිටුව සාධාරණීයකරණය කරමින් ප්‍රකාශ ලබා දීම හාස්‍යයට මෙන්ම විමතියට කරුණක් බව ද රොෂාන් රණසිංහ මහතා සඳහන් කළා.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයෙන් සිටින බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, මේ මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී , ඔවුන්ට අත්‍යාවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී, ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහි විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදවා ගැනීම ඛේදනීය තත්ත්වයක් බව පෙන්වා දෙනවා.

සමස්ථ ක්‍රීඩාවට හා ක්‍රීඩා ලෝලීන් පිළිබඳව සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවි බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ඉඩ නොතබා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස අවධාරණය කරන බව අමාත්‍යවරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Sport Minister Letter1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ ආන්දෝලනාත්මට ඡායාරූපයක් ලීක්වෙයි ? සෙනෙහසේ කැඳැල්ල ගැන ඇස් උඩයන කරුණු රැසක් එළියට
28:36
Video thumbnail
සජිත් නිසා කථානායකට යකා නගියි - හොරාකාපු ඩොලර් මිලියන 2.5 ගැන සජිත් කට අරියි
09:36
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ අත අල්ලලා කිව්ව දේ
01:19
Video thumbnail
මන්ත්‍රී කොටියව උත්තරීතර පාර්ලිමේන්තුවෙන් නෙරපා දාන්න
00:59
Video thumbnail
සත්‍යග්‍රහයට මනුස්සයෙක් කඩා පනියි..උණුසුම් තත්ත්වයක්
00:31
Video thumbnail
රනිල්ගේ නඩුවට තොරතුරු එකතු කරන්න ගිය සිද්ධිය ගැන කතක් කට අරියි - තොරතුරු දැනගැනීමේ පනත බ##ට දාලා
07:22
Video thumbnail
Praharaya| සමගි ජන බලවේගයේ පා.ම එස්. එම් මරික්කාර් සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ලක්මාලි නැගිටලා නාමල්ට හොඳ පදෙන්ම අමතයි - සිහිවිකල්වෙලා වගේ කතා කරන්න දෙන්න බෑ..මොන හයියක්ද ?
10:23
Video thumbnail
සජිත් පොරොන්දු ගැන කියලා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි - ගොවියා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලුවේ
08:04
Video thumbnail
අම්මා කෙනෙක් නාමල්ගේ මූණ අල්ලලා කිව්ව දේ..උද්ඝෝෂණයට එක්වුණු නාමල්, චානක ඇතුළු ප්‍රබලයෝ
02:52