වහබ් රියාස්ට පාකිස්ථානයේ ඇමති තනතුරක්

පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් එරට පන්ජාබ් හි භාරකාර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නව තනතුරක් සඳහා පත්ව තිබෙනවා.

මේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුල්නා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන වහබ් නැවත පාකිස්ථානයට පැමිණි පසු එම ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ මෙම පත්වීම පන්ජාබ් හි භාරකාර මහ ඇමති මොහ්සින් නක්වි විසින් දැනුම් දෙන ලද අතර, ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වෙන පන්ජාබ් හි පළාත් සභා මැතිවරණය තෙක් ඔහුට එම තනතුරේ කටයුතු කිරීමේ අවස්ථාව හිමි වනවා.

37 හැවිරිදි වියේ පසුවන වහබ් රියාස් අවසන් වරට පාකිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරනු ලැබුවේ 2020 දීයි.

ටෙස්ට් තරග 27කට, එක්දින තරග 91කට සහ විස්සයි 20 තරග 36කට ක්‍රීඩා කරමින්, මෙම තරග ආකෘති තුන පුරා කඩුලු 237ක් ඔනු විසින් දවාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?