වසර 87ක් පැරණි වාර්තාවක් 40 හැවිරිදි ඇන්ඩර්සන් අලුත්කරයි

මේ වන විට 40 හැවිරිදි වියේ පසුවන එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් වසර 87ක් පැරණි වාර්තාවන් අලුත් කිරීමට සමත්ව තිබෙනවා.

ඒ, ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත්වෙමින්.

ඇන්ඩර්සන්ගේ එම දක්ෂතාවය වාර්තා අතරට එක්වන්නේ වයස අවුරුදු 40 ඉක්ම වූ ක්‍රීඩකයකු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයට පත් වූ දෙවන් අවස්ථාව ලෙසටයි.

යස අවුරුදු 40 ඉක්මවූ ක්‍රීඩකයකු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ ඇත්තේ මීට වසර 87කට පෙරයි.

ඒ, අනුව මීට පෙර ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිණි වයස්ගතම ක්‍රීඩකයා වූ ක්ලැරී ග්‍රිමට් වන අතර, ඔහු 1936 වසරේ දී එම දක්ෂතාවය දැක්වීමට සමත් වුණා.

ඒ, වන විට ක්ලැරී ග්‍රිමට්ගේ වයස දැක්වුණේ අවුරුදු 44ක් ලෙසයි.

මේ අතර ජේම්ස් ඇන්ඩර්සන් ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට පත්වූ හය වන අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

ටෙස්ට් තරග 178කදී මේ වන විට කඩුලු 682ක් දවාගෙන ඇති ඇන්ඩර්සන්ගේ වයස මේ වනවිට අවුරුදු 40යි දින 207ක්.

ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින වේග පන්දු යවන්නා වන්නේ ද ජේම්ස් ඇන්ඩර්සන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10