Empty Ad
Empty Ad
AFC Banner

වසර 14කට පසුව කුසල් පෙරේරා T20 ඉතිහාසය අලුතින් ලියයි

සිය ජාත්‍යන්තර T20 පිටියේ කුළුදුල් ශතකය ලබා ගැනීමට මුල් පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා මීට ටික වේලාවකට (02) පෙර සමත් වුණා.

සත්කාරක නවසීලන්තය සමග පැවැත්වෙන තුන්වැනි T20 තරගයට එක්වෙමිනුයි කුසල් මෙම දක්ෂතාව ලැබුවේ.

ඔහු අද දිනයේ දී සිය 16 වැනි T20 අර්ධ ශතකයට ද හිමිකම් කීමට සමත් වුණා.

මීට අමතර ව තමන් T20 පිටියේ ලබා තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව (84) ද පසුකර ගිය කුසල් පෙරේරා පන්දු 44කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 101ක්.

ඊට දැවැන්ත හයේ පහරවල් 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු පුවරුව ගොඩනැගීමේ දී නායක අසලංක සමග විශිෂ්ට සබඳතාවක් ද ගොඩනැගුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වසර 13කට පසුව පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ ශතකයක් ලබා ගැනීම ද අද දිනයේ දී කුසල් නමින් ලියැවීම ද විශේෂත්වයක්.

2011 දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් T20 ශතකයෙන් පසුවයි කුසල් පෙරේරා මෙම දක්ෂතාව දක්වනු ලබන්නේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 ක්‍රිකට් පිටියේ පළමු ශතකලාභියා වූයේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

ඔහු 2010 වර්ෂයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 64ක් වැය කරමින් ලකුණු 100ක් ලබාගත්තා.

ඩිල්ෂාන් 2011 දී නොදැවී ලබාගත් ලකුණු 104 පන්දු 57ක් වැය කරමින් වන අතර අද කුසල් පෙරේරා සිය ශතකය ලැබීමට වැය කළේ පන්දු 46ක් පමණයි.

කුසල් පෙරේරා මිචෙල් සැන්ට්නර්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 101ක් ලබාගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
132
+1
2
+1
120
+1
13
+1
7
+1
4
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?