වසර 14කට පසුව කුසල් පෙරේරා T20 ඉතිහාසය අලුතින් ලියයි

සිය ජාත්‍යන්තර T20 පිටියේ කුළුදුල් ශතකය ලබා ගැනීමට මුල් පෙළ පිතිකරු කුසල් ජනිත් පෙරේරා මීට ටික වේලාවකට (02) පෙර සමත් වුණා.

සත්කාරක නවසීලන්තය සමග පැවැත්වෙන තුන්වැනි T20 තරගයට එක්වෙමිනුයි කුසල් මෙම දක්ෂතාව ලැබුවේ.

ඔහු අද දිනයේ දී සිය 16 වැනි T20 අර්ධ ශතකයට ද හිමිකම් කීමට සමත් වුණා.

මීට අමතර ව තමන් T20 පිටියේ ලබා තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව (84) ද පසුකර ගිය කුසල් පෙරේරා පන්දු 44කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 101ක්.

ඊට දැවැන්ත හයේ පහරවල් 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු පුවරුව ගොඩනැගීමේ දී නායක අසලංක සමග විශිෂ්ට සබඳතාවක් ද ගොඩනැගුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වසර 13කට පසුව පන්දුවාර 20 ක්‍රිකට් පිටියේ ශතකයක් ලබා ගැනීම ද අද දිනයේ දී කුසල් නමින් ලියැවීම ද විශේෂත්වයක්.

2011 දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව තිලකරත්න ඩිල්ෂාන් ලබාගත් T20 ශතකයෙන් පසුවයි කුසල් පෙරේරා මෙම දක්ෂතාව දක්වනු ලබන්නේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් T20 ක්‍රිකට් පිටියේ පළමු ශතකලාභියා වූයේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

ඔහු 2010 වර්ෂයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 64ක් වැය කරමින් ලකුණු 100ක් ලබාගත්තා.

ඩිල්ෂාන් 2011 දී නොදැවී ලබාගත් ලකුණු 104 පන්දු 57ක් වැය කරමින් වන අතර අද කුසල් පෙරේරා සිය ශතකය ලැබීමට වැය කළේ පන්දු 46ක් පමණයි.

කුසල් පෙරේරා මිචෙල් සැන්ට්නර්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 101ක් ලබාගෙන සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
132
+1
2
+1
120
+1
13
+1
7
+1
4
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38