spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර 10කට පසු සේනානායක සමුද්‍රය පිරී උතුරයි (වීඩියෝ)

අධික වර්ෂාව හේතුවෙන් මොනරාගල ඉඟිනියාගල සේනානායක සමුද්‍රය ජලයෙන් පිරීමත් සමඟ එහි වාන් දොරටු පහම ඊයේ 02 වැනිදා විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරු සුගත් ගමගේ පැවසීය.

වසර දහයකට පසු ජල මට්ටම මෙලෙස වැඩිවී තිබෙන අතර එහි වාන් දොරටු පහම අඩි දෙකක් පමණ උසට විවෘත කොට ජලය ගල්ඔයට ගලා යෑමට ඉඩ සලසා ඇත.ඉඟිනියාගල ජලාශයේ ජල මට්ටම 90% දක්වා වැඩිවී ඇත.

ජලාශයේ ජල ප්‍රමාණය අක්කර අඩි හය ලක්ෂ හැටදෙදහස් අටසියයක් වන අතර වගා කෙරෙන කුඹුරු අක්කර ප්‍රමාණය එක්ලක්ෂ විසිදහසකි. වර්ග සැතපුම් තුන්සිය අසූහතරක ජල පෝෂක ප්‍රදේශයකින් යුතු සේනානායක සමුද්‍රය ලංකාවේ වැඩිම ජලධාරිතාවක් ඇති ජලාශයයි.ගල්ඔය පහළ කොටසේ දෙපස සහ ඉඟිනියාගල ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?