පසුගිය 20 වැනිදා වන විට මෙම වසර සඳහා පමණක් මෙරටින් ගිනිඅවි 822ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව රටම එකට මෙහෙයුමේ වාර්තාවල සඳහන් වනවා.
වාර්තාවේ සඳහන් වී ඇති පරිදි 2023 වසරේ දී ගිනිඅවි 3042ක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, 2024 වසරේ දී ගිනිඅවි 2414ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ නමුත් 2025 වසරේ දී අත්අඩංගුවට ගත් ගිනිඅවි ප්රමාණය 2375ක්.













