Fly high Get bonus Aviator Phone

වඳ වී යන ඖෂධ පැල 108ක් එකම ස්ථානයක රෝපණය කරයි

මේ වන විට වඳවීමට ලක්ව ඇති ඉතා වටිනා ඖෂධ පැළ 108ක් එකම ස්ථානයක රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා පානදුර මිරියවත්ත ප්‍රදේශයේදී සිදුවුණා.

මෙහිදී මිරියවත්ත ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල විවිධ ස්ථානවල හටගෙන ඇති මෙම වටිනා ඖෂධ පැළ එම ස්ථාන වලින් ගලවා ගිම්පත සිරි සද්ධර්මාරාම විහාරස්ථානයේ එකම ස්ථානයක රෝපණය කිරීමටයි කටයුතු කෙරුණේ.

මිරියවත්ත ග්‍රාම නිලධාරී කාර්යාලයේ සිට මෙම ඖෂධ පැළ පැළ 108 ප්‍රදේශවාසීන් විසින් ශබ්ද පූජා පවත්වමින් මුතු කුඩ යටින් පෙරහරකින් වඩමවා ප්‍රදේශයේ සියලු ජනතාවගේ ආශිර්වාදය මැද විහාරස්ථ භූමියේ රෝපණය කරනු ලැබුවා.

එම වැඩසටහන පානදුර උතුර ප්‍රජා පොලිස් ඒකකය,R 2 සමාජ සේවා පදනම , ප්‍රදේශයේ සියලුම ජනතාවගේ සහයෝගය මැද සිදුකළා.

මෙම ඖෂධ පැළ හදිසි දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා ගැනීමට හැකිවන පරිදියි මෙලෙස රෝපණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?